Sunday, June 27, 2010

අනුරාධපුර බැතිමතුන්ට අද ත් නොමිලේ දුම්රිය සේවා


බැතිමතුන්ට නොමිලේ ප්‍රවාහන පහසුකම් සැලසීමේ අරමුණින් අනුරාධපුරය දුම්රිය ස්ථානයේ සිට මිහින්තලය දුම්රිය ස්ථානය දක්වා ආරම්භ කළ විශේෂ දුම්රිය සේවය අද දිනයේ ද ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව ‍ෙපාසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර සිට ක්‍රියාත්මක වූ අනෙකුත් විශේෂ දුම්රිය ගමන් වාර ද ලබන 27 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව දුම්රිය වාණිජ අධිකාරී විජය සමරසිංහ මහතා පවසයි.

අනුරාධපුර සහ මිහින්තලය දුම්රිය ස්ථාන අතර පිහිටි විශ්‍රාම ශාලා මගින් මගීන්ට ‍නොමිලේ නවාතැන් පහසුකම් සලසා ඇති බව ද විජය සමරසිංහ මහතා සඳහන් කළේය. adaderana

0 comments:

Post a Comment