Sunday, June 27, 2010

දැදුරුඔය පාලම අසල රිය අනතුරින් 6ක් මියයයි


කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ දැදුරුඔය පාලම අසල සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 6 ‍දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 10 දෙනෙකු තුවාල ලබා තිබේ. වෑන් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

අද අලුයම 2.30 ට පමණ මෙම අනතුර සිදු ව ඇති බව වාර්තා වේ. අනතුරින් තුවාල ලැබූවන් කුරුණෑගල මහරෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. adaderana

0 comments:

Post a Comment