Sunday, June 27, 2010

ඉන්දියා ශ්‍රී ලංකා සබඳතා වර්ධනයට සහය


ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා සහය ලබා දීමට සූදානම් බව දිවයිනට පැමිණ සිටින ඉන්දීය මධ්‍යම ප්‍රදේශ් ප්‍රාන්ත රා‍ජ්‍යයේ ප්‍රධාන අමාත්‍ය ශ්‍රී සිවරාජ් සිං මහතා පවසයි. ‍ඓතිහාසික වශයෙන් වැදගත් වූ වැලිමඩ, දිවුරුම්වෙල විහාරයේ ඉදි කිරීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා සංස්කෘතික මධ්‍යස්ථානයට මුල් ගල් තැබීමේ උත්සවයට ඊයේ එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

මෙරටේ මිත්‍රත්වය වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියාවේ ඉදිකෙරෙන බෞද්ධ විශ්ව විද්‍යාලයට රුපියල් කෝටියක මුදලක් ලබා දෙන බව එහි දී ශ්‍රී සිවරාජ් සිං මහතා තවදුරටත් පැවසුවේය. ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාව ඈත අතීතයේ පටන් අධ්‍යත්මික ශක්තියෙන් පිරි රටවල් දෙකක් බවත් ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශ් ජනතාව නියෝජනය කරමින් මෙරටට පැමිණීමට ලැබීම පිළිබඳ තමා සතුටු වන බවත් ඔහු සඳහන් කළේය. දෙරට අතර සංස්කෘතික සබඳතා වර්ධනය කර ගැනීම සඳහා තවදුරටත් සහය ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී සිවරාජ් සිං මහතා පවසයි. adaerana

0 comments:

Post a Comment