Sunday, June 27, 2010

ත්‍රස්තවාදයට එරෙහිවීමට ද .ආසියාවේ එකඟතාව


ත්‍රස්තවාදයට එරෙහිව එක්ව ක්‍රියා කිරීමට දකුණු ආසියානු කලාපීය රටවල් එකඟතාව පළ කර තිබේ. දකුණු ආසියානු කලාපීය අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය‍වරුන්ගේ සමුළුවේ දී මෙම එකඟතාවට පැමිණ ඇති බව සඳහන්ය. මෙම සමුළුව ඊයේ පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වුණි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ සදහා රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා සහභාගී වී සිටියේය.
දකුණු ආසියනු රටවල් එක්සත් ව ත්‍රස්තවාදයට නැඟී සිටිය යුතු බව මෙහි දී ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය පී.චිදම්බරම් මහතා ප්‍රකාශ කළේය. දකුණු ආසියානු කලාපයට මේ වන විට බරපතල ත්‍රස්තවාදී ගැටලුවක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය. එම නිසා සාර්ක් කලාපීය සියලු රටවල් මෙම අභියෝගයට එක්ව මුහුණ දීමේ වැදගත්කම චිදම්බරම් මෙහි දී පෙන්වා දුන්නේය. ත්‍රස්තවාදයට එරෙහිව සාර්ක් කලාපීය සියලු රටවල අමාත්‍යවරුන් මෙහි දී එක්ව කටයුතු කිරීමට ප්‍රතිඥා ලබා දී ඇති බව සඳහන්ය. adaderana

0 comments:

Post a Comment