Sunday, June 27, 2010

මූන්දලම සුසාන භූමියක මෝටාර් උණ්ඩ 2ක්


මූන්දලම, කුඩිරිප්පුව ප්‍රදේශයේ සුසාන භූමියක සගවා තිබූ මෝටාර් උණ්ඩ දෙකක් සොයා ගෙන තිබේ. මුන්දලම පොලිසිය විසින් ඊයේ පස්වරුවේ මෙම මෝටාර් උණ්ඩ සොයා ගෙන ඇති බව සඳහන්ය. අඟල් 8 ක් පමණ උසැති මෙම උණ්ඩ ෂොපින් බෑගයක් තුළ බහා තල් ගසක අතු දෙකක් අතර සඟවා තිබූ බව පොලිසිය සඳහන් කරයි.
සුසාන භූ‍මියේ පිරිසිදු කිරීම සඳහා ගිය පිරිසක් මෙම උණ්ඩ දැක ඇති අතර පසුව එය පිළිබඳව ‍මුන්දලම පොලිසියට දැනුම් දී තිබේ. කවුරුන් විසින් මෙම මෝටාර් උණ්ඩ සඟවා තැබුවේ ද යන්න අනාවරණය වී නැත. මුන්දලම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. adaderana

0 comments:

Post a Comment