Sunday, June 27, 2010

2500 වැටුප් වැඩිවීම් ඉල්ලා පෙත්සමක්


රාජ්‍ය සේවකයින්ට පොරොන්දු වූ රුපියල් 2500 වැටුප් වැඩිවීම වහා ලබාදෙන ලෙස බල කරමින් රාජ්‍ය සේවක පෙත්සමක් අත්සන් කිරීමට කටයුතු යොදා ඇතැයි රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය පවසයි. රාජ්‍ය සේවකයින්ට රුපියල් 2500 ක වැටුප් වැඩිවීමක් ලබා දෙන ‍බවට පසුගිය ජනාධිපතිවරණයට පෙර රජය ප්‍රසිද්ධ පොරොන්දුවක් ලබා දුන් බව එම සන්ධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සදහන් කළේය.

නමුත් මේ වන තෙක් රජය ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ඔහු චෝදනා කරයි. මෙවර ඉදිරිපත් කිරීමට සැලසෙන අයවැය තුළින් ද මෙම 2500 වැටුප් වැඩි වීම ලබා දෙන බවට කිසිදු සහතිකයක් රජය ලබා දී නොමැති බව සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය. මේ හේතුවෙන් මරදාන දුම්රිය පොළ ඉදිරිපිට දී වෘත්තිය සමිති රැසකගේ සහභාගීත්වයෙන් රාජ්‍ය සේවක පෙත්සම අත්සන් කිරීම හෙට දිනයේ සිදු කරන බව ඔහු අවධාරණය කළේය. adaderana

0 comments:

Post a Comment