Sunday, June 27, 2010

අනවසර සංක්‍රමණිකයින් ගැන තීරණය සති දෙකකින්


ඔස්ට්‍රේලියාවට ඇතුළු වන අනවසර සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියා මාර්ග ඉදිරි සති දෙක ඇතුළත ප්‍රකාශ කරන බව ඔස්ට්‍රේලියාවේ නව අගමැතිනි ජූලියා ගිලාර්ඩ් මහත්මිය පවසයි. ශ්‍රී ලාංකික සහ ඇෆ්ගනිස්ථාන සංක්‍රමණිකයන් ඔස්ට්‍රේලියාවට අනවසරයෙන් ඇතුළු වීම තහනම් කිරීමට ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය කෙවින් රුඩ් පසුගිය දා නියෝග කර තිබුණි.

හිටපු අග්‍රාමාත්‍යවරයා පිළිබඳව ජනතා අප්‍රසාදය පළ වීමට මෙය හේතුවක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔස්ට්‍රේලියානු අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින්ගේ සම්බන්ධයෙන් නැවත සලකා බැලීම ලබන ජූලි 8 වනදා සිදු කිරීමට නියමිතය. එදිනට පෙර තමාගේ තීරණය ලබා දෙන බව අග්‍රාමාත්‍යවරිය පවසයි. ඊයේ ඔස්ට්‍රේලියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජූලියා ගිලාර්ඩ් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේය. adaderana

0 comments:

Post a Comment