Saturday, April 3, 2010

සුසිල් කිඳෙල්පිටිය 16 දක්වා රිමාන්ඩ්


එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක සුසිල් කිඳෙල්පිටිය මහතා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.
මිරිහාන පොලිසිය විසින් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කර ඇතැයි සඳහන් වේ.
මිරිහාන පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ කාන්තාවක් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිර‍කරගෙන තබා ගැනීම , නීතී විරෝධී ලෙස ගිනි අවියක් භාවිතා කිරීම , නාවික හමුදාවෙන් පළා ගිය සෙබළෙකුට නවාතැන් පහසුකම් ලබා දීම ඇතුළු චෝදනා රැසක් සැකකරුට එරෙහිව ඉදිරිපත් වී ඇති බවයි.
එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජී.පී.එස් රණසිංහ මහත්මිය විසින් සුසිල් කිදෙල්පිටිය , ඔහුගේ රියදුරු සහ නාවික හමුදාවෙන් පළා ගිය සෙබළා ද රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නි‍යෝග කරනු ලැබ තිබේ..
කි‍ඳෙල්පිටිය මහතා වාහනයකින් ගමන් කරමින් සිටිය දී වැලිකඩ පොලිස් වසමේ දී ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කර තිබිණි.adaderana

එම අවස්ථාවේ දී අදාළ වාහනය තුළ අවිවාහක තරුණියක්, නාවික හමුදාවෙන් පළා ගිය සෙබළෙකු සහ රථයේ රියදුරා ද සිටි බව ජයකොඩි මහතා පවසා තිබිණි.

0 comments:

Post a Comment