Thursday, March 4, 2010

හයිකෝප් දත්ත කොළඹ විශ්ව විද්‍යාලයේ පරීක්ෂණයට


හයිකෝප් සමාගමේ ගනුදෙනුවලට අදාළ පරිගණක දත්ත පද්ධතිය පරීක්ෂා කිරීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලය වෙත යොමු කර තිබේ.
අදාළ පරීක්ෂණ සඳහා එම පරිගණක දත්ත කොළඹ සරසවිය වෙත ලබාදුන් බව රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත. දැනට රිමාන්ඩ් භාරයේ පසුවන හයිකෝප් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන වෙලින්ටන් ඩේහුඩ් නැමැත්තාගේ ප්‍රකාශයක් මත බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි එම සමාගමේ කාර්යාලයේ තිබී අදාළ පරිගණක දත්ත පද්ධතිය රහස් පොලිසිය විසින් පසුගියදා සොයාගනු ලැබීය.
අදාළ පරිගණක දත්ත පද්ධතියේ අඩංගු තොරතුරු විශ්ලේෂණය කර පරිගණක විශේෂඥයින්ගේ වාර්තාව ලබාගැනීමෙන් පසුව ඉදිරි පරීක්ෂණ මෙහෙයවන බව රහස් පොලිසිය විසින් අධිකරණයට දැනුම් දී තිබේ. ada

0 comments:

Post a Comment