Sunday, May 23, 2010

ලංකා දූත පිරිස ආචාර්ය ක්‍රිස්ටිනා හමුවේ


ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාගැනීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර‍ට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස යුරෝපා කොමිසමේ ජාත්‍යන්තර කටයුතු සහ මානුෂීය ආධාර පිළිබඳ කොමසාරිස් ආචාර්ය ක්‍රිස්ටිනා ජෝර්ජියා හමුවී තිබේ. ඊයේ දිනයේ මෙම හමුව සිදුවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. නීතිපති මොහාන් පීරිස් මහතාගේ නායකත්වයෙන් යුතු දූත පිරිසට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් රොමේෂ් ජයසිංහ, බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති රවිනාත ආරියසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඇතුළත් වේ.
යුද්ධය නිමාවී ගෙවුණු වසර තුළ මෙරට ජාතික සමගිය ඇතිකිරීම සඳහා රජය පියවර ‍රැසක් ගෙන ඇති බව මෙහිදී නීතිපතිවරයා පෙන්වා දී ඇත. හදිසි නීති රෙගුලාසි ලිහිල් කිරීම, මානව අයිතිවාසිකම් පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ඇතිකිරීම ඇතුළු කරුණු ඊට ඇතුළත් බව මොහාන් පීරිස් මහතා පෙන්වා දී තිබේ.
උතුරු ප්‍රදේශයේ අවතැන්වූ ජනතාව යළි පදිංචිකිරීමේ කටයුතු සඳහා යුරෝපා කොමිසම ලබාදුන් සහය මෙහිදී ශ්‍රී ලංකා දූත පිරිස ඇගයීමට ලක්කර ඇත. මෑතක ශ්‍රී ලංකාවේ සංචාරය කළ යුරෝපා කොමිසමේ නියෝජිත පිරිස ද උතුරු ප්‍රදේශයේ දැනට අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ වාර්තා කර ඇති බව ඒ පිළිබඳ අදහස් දක්වමින් ‍යුරෝපා කොමිසමේ මානුෂීය ආධාර පිළිබඳ කොමසාරිස්වරිය ප්‍රකාශ කර ඇත. adaerana

0 comments:

Post a Comment