Wednesday, March 3, 2010

ඉතාලි සාදයට ලංකා තානාපතිගේ zගජයෝZ කඩා වදිති: ආරාධිතයන්ට කෑමත් නෑ.

ශ්‍රී ලංකාවට ඉතාලි සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා පසුගියදා මිලානෝ නගරයේදී ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය සංවිධානය කළ විශේෂ නියෝජිත හමුවට අනාරාධිත පිරිසක් සහභාගි කරවීමට ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ගත් ක්‍රියාමාර්ගය එහි සංවිධායකයෝ දැඩි පිළිකුලකින් හෙළා දකිති.
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ නිලධාරීන්, ගුවන් ගමන් ටිකට්පත් අලෙවි ශ්‍රී ලාංකික නියෝජිතයින් ශ්‍රී ලංකාවට ඉතාලි සංචාරකයන් යවන ඉතාලි සංචාරක නියෝජිතයින් සහභාගි කරවා ගත් මෙම නියෝජිත හමුවේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද විය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා තානාපතිවරයාගේ හෙන්චයියන් පිරිසක් අනාරාධිත සහභාගි කරවීම නිසා ආරාධිතයින් වෙනුවෙන් පිළියෙළ කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයේ ආහාරපාන අනාරාධිතයින් විසින් භුක්ති විඳීමේ හේතුවෙන් ආරාධිත විදේශකයින් හා ශ්‍රී ලංකා නියෝජිතයිනට සංග්‍රහ කිරීමට ප්‍රමාණවත් ආහාර පාන නොතිබීමෙන් සංවිධායකයින් දැඩි දුෂ්කරතාවකට මුහුණ දී ඇත. ආහාර නොමැතිව සිටි විදේශිකයිනට ඉඳහිට ආහාර පිඟානක් ලැඛෙද්දී එයින් සතුටට පත්ව අත්පොලසන් දී තිබේ.
ශ්‍රී ලාංකික අවන්හලක සීමිත ප්‍රමාණයකට පමණක් සංවිධානය කර තිබූ මේ හමුවේදී තානාපතිවරයා දන්සලක් දෙනවායි පවසමින් ඔහුගේ හෙංචයියන් ඔවුන්ගේ මිතුරන්ද සමඟ ආරාධනා නොමැතිව මෙයට සහභාගිවී ඇත. සංචාරක අමාත්‍යාංශය විසින් සාදය වෙනුවෙන් ගෙවිය යුතු මුදල යුරෝ 6000 (රුපියල් ලක‍ෂ 10) ක් පමණ වේ. මෙයට අමතරව තානාපතිවරයාගේ ගමන් වියදම්ද සැප පහසු නවාතැන් වියදම්ද සංචාරක අමාත්‍යාංශය මගින් ගෙවිය යුතුව ඇත.
ඉතාලියේ විදේශ අමාත්‍යාංශය මගින් තම පුරවැසියන්ට ශ්‍රී ලංකාවට නොයන ලෙස අමාත්‍යාංශ වෙබ් අඩවිය මගින් දැනුවත් කර ඇති අතර ඊට පටහැනිව ශ්‍රී ලංකාවට ගොස් යම් අතවරයක් සිදුවුවහොත් ගෙවිය යුතු රක‍ෂණ මුදල් ඔවුනට නොගෙවනු ඇත. මේ හේතුව නිසා ශ්‍රී ලංකාවට ඉතාලි ජාතිකයන් යෑම ඉතාමත් අඩු බැවින් ඉතාලි රජය සමඟ සාකච්ඡා කොට එය නිදොස් කරන්නැයි ශ්‍රී ලංකාවට විදේශිකයන් යවන නියෝජිතවරුන් කීප වතාවක් තානාපතිවරයා දැනුවත් කළද ඵලක් නොමැතිවීම නිසා මෙම රාත්‍රී භෝජන අවස්ථාවේදී එය සාකච්ඡා කරමින් සිටියෙදී සුරා මතින් සිටි තානාපති හිංචයියන් එම විදේශිකයන්ට බැණ වැදී තිබේ. සංචාරක අමාත්‍යාංශයේ වියදමින් තම හිංචයියන්ට සංග්‍රහ කළ තානාපතිවරයා ඔහුගේ සේවා කාලය දීර්ඝ කරන්නට උත්සාහ කරන්නැයි ඉල්ලීමක්ද කර ඇති බව දැන ගන්නට ලැබේ.
-ශමීන් පණ්ඩිතරත්න- ඉතාලිය lankaenews

0 comments:

Post a Comment