Wednesday, March 3, 2010

මානව හිමිකම් නිලධාරීන් වැඩිකරයි


උතුරු- නැඟෙනහිර පළාත්වල සේවයේ නියුතු මානව හිමිකම් නිලධාරීන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම තීරණය කර තිබේ.
එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කරනු ලැබුවේ උතුරු නැඟෙනහිර පළාත්වල සිවිල් පරිපාලනය ශක්තිමත් කිරිමේ පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවයි.
ඒ යටතේ දැනට උතුරු නැගෙනහිර ප්‍රදේශවල පිහිටි මානව හිමිකම් කොමිසමේ ප්‍රාදේශීය කාර්යාල වඩාත් ශක්තිමත් කිරිමට පියවර ගෙන ඇති අතර අනුයුක්ත නිලධාරීන්ගේ සංඛ්‍යාව වැඩිකිරිමට ද පියවර ගෙන තිබේ.
සරණාගතයින් නැවත පදිංචි කිරීම් , සිවිල් පරිපාලනය යළි ස්ථාපිත කිරීම් හා අදාල ප්‍රදේශවල වෙසෙන ජනතාවගේ මානව හිමිකම් ගැටලු නිරාකරණය කිරීම මෙම නිලධාරින්ට පැවරී ඇති බව සඳහන් වේ. ADA

0 comments:

Post a Comment