Tuesday, April 20, 2010

අම්ල වැස්ස අලි බොරුවක්


ඉදිරි සති කිහිපය තුළ අම්ල වැස්සක් ඇදහැ‍ලෙන බවට පැතිර ගිය දූෂමාන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. කෙටි පණිවිඩ, විද්‍යුත් තැපෑල ආදී විවිධ සන්නිවේදන ක්‍රම ඔස්සේ අප්‍රේල් 20 -28 කාලය තුළ අම්ල වැසි ඇදහැලෙන බවට ප්‍රචාරය වූ පුවත අසත්‍ය පුවතක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව "අද දෙරණ"ට සඳහන් කළේය.
එම අසත්‍ය පණිවිඩ වල දැක්වූයේ මෙවැනි පුවතකි.
"ප්‍රවේශම් වන්න. මෙම මාසයේ 20 -28 කාලය තුළ අම්ල වැසි ඇදහැලීමේ අවධානමක් පවතී. පසුගිය මස 17වන දින චන්ද්‍රයා වටා අඳුරු වළල්ලක් දර්ශනය විය. මෙවැනි දර්ශනයක් ඇතිවන්නේ වසර 750කට වරක්ය. එය සාමාන්‍ය වර්ෂාවක් ලෙස දර්ශනය වුව ද එම වැසි දියට තෙමෙන පුද්ගලයින්ට සමෙහි පිළිකා රෝග තත්ත්වයන් ඇතිවිය හැකිය. මෙම පුවත "නාසා" ආයතනයෙනි. ඔබේ පවුලේ සාමාජිකයන් හා හිත මිතුරන්ව මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න"
මේ සම්බන්ධ වාර්තා නයිජීරියාව, පකිස්තානය හා අප්‍රිකාව ආදී ලෝකයේ විවිධ රටවල ජනතාව වෙත ද ලැබී ඇති අතර ඔවුන් මෙම පුවතෙන් බියටත්, කලබලයටත් පත්ව ඇත. මෙම පුවත නාසා ආයතනය ලෙස දක්වමින් ගොතන ලද මුසාවක් බව පසුගිය 16 වන දින මෙම අම්ල වර්ෂාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පකිස්තාන කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තු‍වේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කර තිබුණි. adaderana

0 comments:

Post a Comment