Tuesday, April 20, 2010

දීප ව්‍යාප්ත නිවාස ණය ක්‍රමයක්


ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් දීප ව්‍යාප්ත නිවාස ණය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව සෑම පවුලකටම නිවසක් ලබා දීමේ අපේක්ෂාවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. මෙම නිවාස ණය ලබා දීමේ වැඩසටහන නිවාස ගැටලු පවතින නාගරික ප්‍රදේශ තුළත් බහුතර කොටසක් ජීවත් වන ග්‍රාමීය ප්‍රදේශ තුළත් වතුකරයේත් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එක් නිවාසලාභියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂයක උපරිමයකට යටත්ව නිවාස ණය ලබා දෙන බව නිවාස සංවර්ධන අධිකාරියේ එල්.එස් පලන්සූරිය මහතා ප්‍රකාශ කළේය. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය කාර්යාල හරහා මෙම නිවාස ණය ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව පලන්සූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.adaderana

0 comments:

Post a Comment