Tuesday, April 20, 2010

ඡන්දය සාමකාමීව අවසන්


නාවලපිටිය සහ ත්‍රිකුණාමලය, කුඹුරුපිටිය ඡන්ද මධ්‍යස්ථාන වල පැවති ඡන්ද විමසීමේ කටයුතු සාමකාමී ලෙස පැවැත්වුණු බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් පවසයි.
නාවලපිටිය ආසනේ ඡන්දය ප්‍රකාශ කිරීම 55% 60% අතර ප්‍රතිශතයක් ගන්නා බව මහනුවර දිස්ත්‍රික් මැතිවරණ තේරීම් භාර නිලධාරී ගෝඨාභය ජයරත්න මහතා සඳහන් කළේය. දැඩි ආරක්ෂක විධි විධාන මධ්‍යයේ නාවලපිටිය සහ කුඹුරුපිටිය ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්ද විමසීම අද උදෑසන 7 ට ආරම්භ වු අතර පස්වරු 4ට එය අවසන් විය. නාවලපිටිය ඡන්ද මධ්‍යස්ථාන 37කදී ඡන්ද විමසීමේ කටයුතු සිදුවු අතර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 50,948කි.
මේ අතර ත්‍රිකුණාමලය, කුඹුරුපිටිය ඡන්ද මධ්‍යස්ථානයේ ද ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 45 .9%ක් වන බව ත්‍රිකුණාමල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් නිශාන්ත දිනිත්ප්‍රිය හේරත් මහතා පවසයි. එහි ඡන්ද විමසීමේ කටයුතු සාමකාමී මට්ටමින් සිදුවු බව ඒ මහතා සඳහන් කළේය. කුඹුරුපිටිය ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය ප්‍රකාශය කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 977කි. අප්‍රේල් 8 වැනිදා පැවති මහ මැතිවරණ ඡන්ද විමසීමේ දී දුෂණ අක්‍රමිකතා හා බලහත්කාරකම් හේතුවෙන් නාවලපිටිය සහ කුඹුරුපිටිය ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්දය ශූන්‍ය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කළේය. adadearna

0 comments:

Post a Comment