Tuesday, June 1, 2010

නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිරිසක් ද. මෙක්සිකෝවෙන් හමුවෙයි


ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද ඇතුළු නීති විරෝධී සංක්‍රමණිකයන් 60 දෙනෙකු දකුණු මෙක්සිකෝවේ චියාපාස්හි ට්‍රක් රථයක් තුළ සිරව සිටියදී එරට පොලීසිය විසින් සොයාගෙන තිබේ. එම පිරිස ඒ වනවිට විජලන තත්ත්වයෙන් ද පෙළෙමින් සිට ඇත. මෙම සංක්‍රමණිකයන් අතර ශ්‍රී ලංකාව, මධ්‍යම අමෙරිකාව හා ඉන්දීය ජාතිකයින් ද වන අතර ඔවුන් මෙක්සිකානු සමාජ ආරක්ෂක ආයතනයේ ලාංඡනය සහිත ට්‍රක් රථයක නැගී මෙසේ නීති විරෝධී අයුරින් සංචාරය කර ඇත.

එම ට්‍රක් රථය තුළ එසේ මිනිසුන් ගමන් ගැනීම සඳහා සුදුසු වාතාශ්‍රයක් පැවතී නොමැත. මෙම සංක්‍රමණිකයන් පිරිස සොයාගෙන ඇත්තේ ටක්ස්ට්ලා ගුවාරේස් නගරයේ පොලිස් මුරපොළක සිදුකළ පරීක්ෂණවලදීය. එම ට්‍රක් රථය පසුගිය පෙබරවාරි මාසයේදී මෙක්සිකෝ නගරයේදී සොරකම් කරන ලද රථයක් බවට වාර්තා වී ඇත. මෙම සංක්‍රමණිකයන් පිරිසෙන් 15දෙනෙකු කාන්තාවන් වන අතර එම සියලුම පිරිස වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇත. adderana

0 comments:

Post a Comment