Tuesday, June 1, 2010

රන් භාණ්ඩ හොරු තිදෙනෙක් රිමාන්ඩ්


කොළඹ හෙට්ටිවීදියේ රන් භාණ්ඩ වෙළඳ සැලකින් රුපියල් ලක්ෂ 80කට අධික රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑමේ සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනෙකු ලබන දෙවැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් එම වෙළඳසැලේ කළමනාකරු, ඔහුගේ සහෝදරයෙකු සහ තවත් පුද්ගලයෙකු පසුගියදා පිටකොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එම සැකකරුවන් තිදෙනා ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය මෙම නියෝගය ලබාදී ඇත.

අදාළ වෙළඳසැලේ සේප්පුවේ තිබු රුපියල් ලක්ෂ 62ක් පමණ වටිනා රන් භාණ්ඩ සහ රුපියල් ලක්ෂ 18ක් පමණ මුදල් සැකකරුවන් විසින් කොල්ල කා ඇති බව මෙහිදි පිටකොටුව පොලිසිය අධිකරණයට සඳහන් කළේය. කොල්ලකන ලද රන් භාණ්ඩ හා මුදල් රක්වාන ප්‍රදේශයේ නිවසක තිබී සොයාගත් බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. adaderana

0 comments:

Post a Comment