Tuesday, June 1, 2010

යුද අපරාධ චෝදනා යළිත් සලකා බලයි


එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකා රජය විසින් යුද්ධයේ අවසාන අදියර තුළ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය බව එක්සත් ජාතීන් යළිත් වරක් අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකා රජය විසින් මේ වන විටත් පශ්චාත් යුද සංහිඳියා කොමිසමක් පත් කර සිදුවීයයි චෝදනා කෙරෙන මානව හිමිකම් උල්ලංඝනයවීම් මෙන්ම එහි ගොදුරු බවට පත්වූවන් සමබන්ධයෙන් සොයා බලන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලෙයි මහත්මිය සඳහන් කර ඇත.

එසේ වුවද පෙර අත්දැකීම් මෙන්ම අලුත් තොරතුරු පදනම් කර ගනිමින් ජාත්‍යන්තර නිදහස සම්බන්ධයෙන් වගකීම් සහගතභාවය පිළිබඳ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට හා මහජන විශ්වාසය තහවුරු කිරීමටත් විමර්ශනයක් සිදුකළ යුතු බව වඩා හොඳ බව ඒත්තු ගැන්වීමට බලාපො‍රොත්තු වන බවද ඇය පවසා තිබේ.

ඒ මගින් ශ්‍රී ලංකාවට මෙන්ම වෙනත් රටවලටද විශ්වාසය තහවුරුවන බව මහ කොමසාරිස්වරිය සඳහන් කරයි.

ගැටුම් නිරාකරණය කිරීම සහ නැවත පදිංචි කිරීම් පිළිබඳ තමන්ට යම් තක්සේරුවක් පවතින බවද ඇය ඒ.එෆ්.පී පුවත් සේවයට ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබේ. adaderana

0 comments:

Post a Comment