Tuesday, June 1, 2010

ජයලත් සීපා හි කෙටුම්පතක් ඉල්ලයි


ඉන්දියාව හා ශ්‍රි ලංකාව අතර ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙන"සීපා"ගිවිසුමේ කෙටුම්පතක් ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. යෝජිත"සීපා"ගිවිසුම පිළිබඳ ශ්‍රි ලංකා රජය විසින් මෙතෙක් පාර්ලිමේන්තුව දැනුවත් කර නොමැති බව එම ලිපිය මගින් ජයලත් ජයවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.

ඒ පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු ජනතාව තුළ මතුව ඇති සැකය දුරුකිරීම සඳහා ගිවිසුම සම්බන්ධයෙන් දැනුවත් වීම අවශ්‍ය බව ජයලත් ජයවර්ධන මහතා පවසයි. අවශ්‍යතාවක් පවතින්නේ නම් යෝජිත"සීපා"ගිවිසුමේ කෙටුම්පතක් ලබාදීමට ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා එකඟ වු බව ද ජයලත් ජයවර්ධන මහතා සිය ලිපිය මගින් පෙන්වා දී ඇත. adaderana

0 comments:

Post a Comment