Tuesday, June 1, 2010

ලංකාව ගැන කියන්න කොමසාරිස්වරියට අයිතියක් නෑ -ජී. එල්


ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා පවසයි. මානුෂීය මෙහෙයුම සමයේ සිදුවු බව කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර කමි‍ටුවක් පත් කළ යුතු බවට නවනීදම් පිල්ලේ මහත්මිය සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින් ඔහු එම අදහස් පළ ක‍ළේය.

ජි.එස්.පී.ප්ලස් බදු සහනය ලැබීමේ අවසන් තීරණය සම්බන්ධයෙන් මෙතක් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ද ජි.එල්.පීරිස් මහතා ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බව ඔහු පෙන්වා දෙයි. එම සාකච්ඡාවල ප්‍රගතියක් දැකිය හැකි බව ද ජි.එල්.පීරිස් මහතා පවසයි. ජි.එස්.පි. ප්ලස් බදු සහනය ලබාදීම පිළිබඳ යුරෝපා සංගමයේ අවසන් තීරණය අගෝස්තු මස 15 වැනිදා නිකුත් වනු ඇති බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේය. adaderana

0 comments:

Post a Comment