Tuesday, June 1, 2010

ශාසනය නඟාසිටුවන්න අගමැතිගෙන් තල්ලුවක්


බුද්ධ ශාසනයේ චිරස්තතිය උදෙසා නව පනත් කෙටුම්පත් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය දීමු.ජයරත්න මහතා පවසයි.

පනත් කෙටුම්පත් වලට නෛතික පිළිගැනීමක් ලබාදීම තුළින් බෞද්ධ පුනර්ජීවනයක් ඇති කිරීමට හැකියාව ලැබෙන බව හෙතෙම කියා සිටියේය. ත්‍රෛයිනිකායක මහ සංඝරත්නය සමග අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ ක‍ළේය .

මෙහිදී මහා සංඝයා වහන්සේලා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ නව පනත් කෙටුම්පත් වලට අදාළ යෝජනා තමන්වහන්සේලා වෙත ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව මසක් ඇතුළත අදාළ පනත් කෙටුම්පත් සකසා අවසන් කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

බුද්ධ ශාසන පනත් කෙටුම්පත , සංඝ සභාවක් පිහිටුවීම ,භික්ෂු කතිකාවතක් සකස් කිරීම ,1931 විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කිරීම සඳහා මහා සංඝ රත්නයේ අනුශාසනා ලබාගැනීමට ද තමන් අපේක්ෂා කරන බව අග්‍රාමත්‍යවරයා සඳහන් කළේය.

0 comments:

Post a Comment