Wednesday, February 10, 2010

කොළඹින් මහ පුටුවක් හැලෙයි


ඉදිරි මහ මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කය සඳහා එක් මන්ත්‍රී ආසනයක් අඩුවන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
අතිරේක මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්.පී. සුමනසිරි මහතා පවසන පරිදි පසුගිය මහ මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රීවරුන් විසි දෙනෙකු ‍තෝරා පත්කර ගත්ත ද මෙවර තෝරා පත්කරගැනෙන්නේ මන්ත්‍රීවරුන් 19 දෙනෙකු පමණකි.
මන්ත්‍රීවරුන් සංඛ්‍යාව තීරණය කිරීම ලියාපදිංචි ඡන්ද දායකයින්ට අනුරූපව සිදුවන අතර මෙවර කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව අඩුවීම මෙලෙස එක් ආසනයක් අඩුවීමට හේතු වී ඇති බව වාර්තා වේ.
ද්විත්‍ව ලියාපදිංචියක් සහිත වූ ඡන්දදායකයින් එක් ලියාපදිංචියකට සීමා කිරීමත් සමග කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව අඩු වී ඇති බව සඳහන් වේ
ඒ අනුව අදාළ මන්ත්‍රී ධුරය අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ඇතුළත් කෙරෙන අතර ඒ සමග අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රීවරුන් 9 දෙනෙකු තෝරා පත් කරගැනීමට නියමිත වේ

0 comments:

Post a Comment