Wednesday, February 10, 2010

සත්‍යග්‍රහය කඩාකප්පල් කරන්න ආ ආණ්ඩුවේ මැරයන්ට පහරදී පන්නා දමත


(ලංකා ඊ නිව්ස් -2010.පෙබ.10, ප.ව. 2.20-දෙවන සංස්කරණය) ජනාධිපතිවරණයේ පොදු අපේක‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව පොදු විපක‍ෂය කොළඹ අලූත්කඩේ උසාවිය අසල පැවැත්වූ උද්ඝෝෂණය හා සත්‍යග්‍රහය කඩාකප්පල් කිරීමට ආණ්ඩුවේ මැරයන් දැරූ උත්සාහයට ජනතාව දැක්වූ ප්‍රතිරෝධය බරපතල ගැටුමක් බවට වර්ධනය වීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කොස්වත්ත නමැති නාගරික මන්ත්‍රීවරයෙක් සහ තවත් සිවිල් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කරනු ලැබූහ.
යකඩ පොලූ, ගල් හා මුගුරු ගත් ආණ්ඩුවේ මැරයන්ගේ ප්‍රහාර පසු බස්සවමින් දහස් සංඛ්‍යාත ජනතාවක් පෙළපාලියෙන් අලූත්කඩේ වට රවුම අසලට එක්රැස් වූයේ zරජ පවුලට හෙණ ගහපන්Z යන සටන් පාඨය හ~ නගා පවසමිනි.
රාවුෆ් හකීම්, මංගල සමරවීර, දයාසිරි ජයසේකර, මනෝ ගනේෂන් සහ ශිරාල් ලක්තිලක වැනි විපක‍ෂයේ දේශපාලනඥයන් කිහිප දෙනකු ජනතාව සමග එක්ව මැරයන්ට එරෙහි ජනතා අරගලයට දේශපාලන නායකත්වයක් ලබාදී තිබිණ.
සත්‍යග්‍රහය පවත්වන ස්ථානයට පැමිණීමට ඉඩ නොදී ජනතාව පළවා හැරීමට ආණ්ඩුවේ මැරයන් පොලිසියේ අනුග්‍රහය හා ආරක‍ෂාව ඇතිව ක්‍රියාකරමින් සිටීම නිසා සත්‍යග්‍රහය ආරම්භ වීමට පෙර සිටම ගැටුම්කාරී උණුසුම් තත්ත‍වයක් අලූත්කඩේ අවට දක්නට ලැබුණි. කුළු පොලූගත් කැරලි මර්දන පොලිස්භට කණ්ඩායම් කිහිපයක්ම යොදවා තිබුණත්, සාමය රැකීමට වඩා එම පිරිස මැර කණ්ඩායමට ආරක‍ෂාව සලසන ආකාරයක් දක්නට ලැබිණි.
සත්‍යග්‍රහ කරුවන්ට ගල් මුල් ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇතැම් මැරයන් ආවරණයක් ලෙස යොදා ගත්තේ කැරලි මර්දන එAකකයේ පොලිස් බස් රථයයි.
ආණ්ඩුවේ මැරයන් අපේක‍ෂා කළ පරිදි සත්‍යග්‍රහය කඩා කප්පල්කොට විසුරුවා හැරීමට ඔවුන්ට හැකිවූයේ නැත. එA වෙනුවට ජනතාව පෙරට පැමිණි මැරයන් පළවා හරින්නට පියවර ගත්තෙන් පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කොට පිරිස විසුරුවා හැරීමට උත්සාහ කළේය. ජනතාව කඳුළු ගෑස් ප්‍රහාර පෙරළා මැරයන් වෙතට යොමු කරමින් zනීතිය අපට විතරZ යනුවෙන් පොලිසියෙන් ප්‍රශ්න කරනු දක්නට ලැබුණි.
සත්‍යග්‍රහය අඛණ්ඩව පැවැත්වෙන අතර ප්‍රදේශය පුරා දැඩි නොසන්සුන් වාතාවරණයක් මේ වනවිටත් පවතී.

0 comments:

Post a Comment