Wednesday, February 10, 2010

ෆොන්සේකා ගැන රතු කුරුසෙට ඉල්ලීමක්


හමුදා අත්අඩංගුවේ පසුවන විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සමග සබඳතාවක් ඇති කර දෙන ලෙස ඔහුගේ පවුලේ සාමාජිකයින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ.
එම ඉල්ලීමට අනුව ෆොන්සේකා මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අතර සබඳතාවක් ඇති කිරීමට උත්සාහ දරන බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ප්‍රකාශිකා සරසි විජේරත්න මහත්මිය පැවසුවාය.
මේ පිළිබඳ අදාල බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බව සරසි විජේරත්න මහත්මිය කියා සිටියාය. එහෙත් මේ වන විටත් එම උත්සහය සාර්ථක වී නොමැති බව ඇය තවදුරටත් ප්‍රකාශ කළාය.
කෙසේ වෙතත් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ප්‍රකාශ කළේ ෆොන්සේකා මහතාගේ පවුලේ සාමාජිකයෙකුට ඔහුව හමුවීම සදහා අවස්ථාව ලබා දී ඇති බවයි.

0 comments:

Post a Comment