Wednesday, February 10, 2010

ෆොන්සේකා එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ


සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම දේශපාලන හෝ පෞද්ගලික ප්‍රශ්නයක් මත සිදුවූවක් නොවන බව ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
ෆොන්සේකා මහතා හමුදා නිලධාරියෙකු ලෙස කටයුතු කළ සමයේ සිදුකළ ක්‍රියා සහ එයින් පසුව සිදුකළ ප්‍රකාශ හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ බව ඔහු පෙන්වා දෙයි.
සේනාධි නායකයාට විරුද්ධව කුමන්ත්‍රණය කිරීම, හමුදාවෙන් පැනගිය දහස් ගණනක් සෙබළුන් ඔහු යටතේ තබාගැනීම සහ අවි ආයුධ මිලදී ගැනීම යන චෝදනා තුනක් ප්‍රධාන වශයෙන් ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති බව අබේවර්ධන මහතා කියා සිටියි.
‍මේ අතර සරත් ෆොන්සේකා මහතා විදෙස් මාධ්‍යයක් හමුවේ සිදුකරන ලදැයි කියන ප්‍රකාශයක් පිළිබඳ අදහස් දක්වමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ජාත්‍යන්තර අධිකරණයක් හමුවේ සාක්ෂිකරුවෙකු වීමට සරත් ෆොන්සේකා මහතාට සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.

0 comments:

Post a Comment