Thursday, February 18, 2010

ඝාතන සැකකරුවන් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට


පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් දස දෙනෙකුට තුවාල සිදුකරන ලදැයි ‍චෝදනා එල්ල වූ සැකකරුවන් සිව්දෙනෙකු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට පුත්තලම දිසා අධිකරණය නියෝග කළේය.
සුගිය ජනවාරි 16 වැනිදා පුත්තලම, මදුරන්කුලිය ප්‍රදේශයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපතිවරණ රැළියකට යමින් සිටි පිරිසක් ඉලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන්ය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු නීතීඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාරවී තිබේ.
අදාළ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස පුත්තලම දිසා විනිසුරුවරයා නි‍යෝග කළේය. එහෙත් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් මේ වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බැවින් හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා ඔවුන් ඉදිරිපත් කළ නොහැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව අදාළ හඳුනාගැනීමේ පෙරට්ටුව ලබන 24 වැනිදා පවත්වන ලෙස දිසා විනිසුරුවරයා නියෝග කර තිබේ.

0 comments:

Post a Comment