Thursday, February 18, 2010

නන්දන ගුණතිලක කළුතර සංවිධායකධූරයට


තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය නන්දන ගුණතිලක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රක් සංවිධායකවරයා ලෙස පත්කර තිබේ.
නන්දන ගුණතිලක මහතා ද එළඹෙන මහ මැතිවරණය සඳහා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට නියමිතය.
නන්දන ගුණතිලක අමාත්‍යවරයා ජනතා විමුක්ති පෙරමුණෙන් පසුගිය මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර පසුව විමල් වීරවංශ මන්ත්‍රීවරයා සමග එක්ව ජාතික නිදහස් පෙරමු‍ණ පිහිටුවා ගනිමින් ආණ්ඩුවට එක්විය. අනතුරුව ජාතික නිදහස් පෙරමුණෙන් ද ඉවත් වූ අතර මේ වන විට ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස කටයුතු කරයි.adaderana

0 comments:

Post a Comment