Thursday, February 18, 2010

සදාකාලික සතුරෝත් මිතුරෝත් නෑ


දේශපාලනයේ සදාකාලික මිතුරෝ හෝ සතුරෝ නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජනතාවාදී දේශපාලනයේ යුතුකම හා වගකීම වන්නේ යුගයේ අවශ්‍යතාව හඳුනාගැනීම බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
අද පෙරවරුවේ ජාතික සමගි පෙරමුණේ සාමාජිකයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ සහ සියලු ජාතීන්ට සමගියෙන් ජීවත්විය හැකි රටක් ගොඩ නැඟීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සහය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ බව මෙම අවස්ථාවේදී ජාතික සමගි පෙරමුණේ නායිකා ෆේරියල් අෂ් රොෆ් මහත්මිය ප්‍රකාශ කළාය. adaderana

0 comments:

Post a Comment