Thursday, February 18, 2010

මැතිවරණ නීතියට මුවාවී විපක්ෂ විරෝධතා මඩින්න ආණ්ඩුව සැරසේ


ආණ්ඩුවට එරෙහිව රට පුරා ඇවිලෙමින් තිබෙන විරෝධතාවයන් මර්ධනය කිරීම සදහා මැතිවරණ නීතිය යොදා ගැනීමට පොලීසියේ සූදානමක් පවතින බව වාර්තාවේ. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර බාරදෙන අද (19 වැනිදා) සිට අප්‍රේල් 15 දා දක්‌වා කිසිම ආකාරයක දේශපාලන පෙළපාලි යාම තහනම් කර තිබේ.
මේවන විට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීම සහ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලනයට එරෙහිව දැවැන්ත විරෝධයක් වර්ධනය වී ඇති අතර ඊට සමගාමීව දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද විරෝධතා රාශියක් පැවැත්වෙමින් තිබේ. පසුගිය දිනවල මෙරට පැවැති එවැනි විරෝධතා කිහිපයකටම ආණ්ඩුව පොලීසිය සහ මැරවරයින් යොදා පහර දුන්නද ඒවා මර්ධනය කිරීමට ආණ්ඩුව අසමත්විය.
එබැවින් ආණ්ඩුවට එරෙහිව බුර බුරා නැගෙමින් තිබෙන මෙම විරෝධය ඉදිරි මහ මැතිවරණයේදී ඉතා අවාසි සහගත විය හැකි බැවින් මෙලෙස එම විරෝධතා මර්ධනය කිරීමට පොලිස්පතිවරයා සැලසුම්කර තිබේ.

0 comments:

Post a Comment