Thursday, February 18, 2010

සන්ධාන නාම යෝජනා 21ට පෙර


උතුරු සහ නැගෙනහිර පළාත් වල එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන අපේක්ෂකයන් ලබන 21 වන දිනට පෙර නාම යෝජනා වලට අත්සන් තැබීම සිදු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.
දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වල නාමයෝජනා සඳහා අත්සන් තැබීම් බෙහෝ දුරට අවසන් වී ඇති බව ඔහු සඳහන් කරයි. ගම්පහ සහ තවත් දිස්ත්‍රික්ක හතරක නාමයෝජනා වලට අත්සන් තැබීම අද සිදු කෙරන බව ද සුසිල් ප්‍රේමජයන්ත් මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව හෙට දිනය වන විට උතුරු නැගෙනහිර හැර සෙසු දිස්ත්‍රික්ක වල සන්ධාන අපේක්ෂක නාම ලේඛන වලට අත්සන් තැබීම් අවසන් වනු ඇත.

0 comments:

Post a Comment