Thursday, February 18, 2010

මේ ව්‍යවසනය දැක පැරකුම් රජුත් අඬනවා


කෝටි ගණනින් මුදල් වියදම් කර "අපි වවමු- රට නගමු" යනුවෙන් පෝස්ටර්, බැනර් ප්‍රදර්ශනය කළ ද වත්මන් රජය පොළොන්නරුවේ ගොවීන්ට ලබාදෙන්නේද විදෙස් රටවලින් ගෙන්වන"පොන්නි"සහල් බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
එමෙන්ම මෙම ව්‍යවසනය දැක මහ පරාක්‍රමබාහු රජුගේ පිළිරුවෙන් පවා කදුළු වැටෙන බව ඒ මහතා කියා සිටියි. ප්‍රභාකරන් මියයන විට රුපියල් 62ට පැවති සීනි කිලෝව ජනාධිපතිවරණ සමයේදී රුපියල් 95ක් වූ බවත්, දැන් සීනී කිලෝව රුපියල් 105 පමණ දක්වා වැඩි වී ඇති බවත් කරුණාතිලක මහතා සඳහන් කරයි.
වසර විස්සක කාලයක් පුරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඛණ්ඩව ලබාදුන් ආරක්ෂාවද වත්මන් රජය කප්පාදු කර ඇති බව ද ඔහු අවධාරණය කරයි. ජනාධිපතිවරණයෙන් පසුව සුභ අනාගතයක් නිර්මාණය වී ඇත්තේ මැති ඇමතිවරුන්ට පමණක් බව ද, ඡන්ද 18 ලක්ෂයකින් ජනාධිපතිවරයා ජයග්‍රහණය කළ ද ජනතාව තුළ එතරම් සතුටක් දැකිය නොහැකි බව ද ඒ මහතා පවසයි. අද විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ගයන්ත කරුණාතිලක මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය. adaderana

0 comments:

Post a Comment