Thursday, February 18, 2010

කුමන්ත්‍රණ භීතිය නිසා තෙල් සංස්ථා සභාපතිට තනතුර අහිමිවෙයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සමග එක්ව රජයට එරෙහි කුමන්ත්‍රණ සිදුකළායැයි ආණ්ඩුවේ සැකයට බදුන්වූ ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ සභාපති මේජර් ජෙනරාල් අශෝක තෝරදෙනිය මහතා එම තනතුරින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බව වාර්තාවේ. ඒ අනුව ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය තෝරදෙණිය මහතාගෙන් පසුගිය 17 වනදා ජනාධිපතිවරයා ‍ලබාගෙන තිබේ.
මේවන විට මේජර් ජෙනරාල් අශෝක තෝරදෙනිය මහතා ලංකා ඛනිජ තෙල් සංස්‌ථා සභාපති ධුරයට ආයුබෝවන් කියමින් එම ආයතනයෙන් ඉවත්ව ගොස්‌ ඇත.
මේ සම්බන්ධයෙන් අශෝක තෝරදෙනිය මහතා මාධ්‍ය වෙත පවසා තිබුණේ ජනාධිපතිවරයා විසින් තමාට බාරදුන් තනතුර බාරගත් පරිදිම ඉල්ලා අස්‌වන ලෙස කළ ඉල්ලීමද පිළිගත් බවයි.
සුගිය ජනාධිපතිවරණයෙන් පසු රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට දායකවූ බවට සැක පිට ඒ අශෝක ‍තෝරදෙණිය මහතාගෙන්ද ප්‍රශ්න කිරීමේ සූදානමක් පවතින බව අප වාර්තා කළේය.
ඊට අදාළ පුවත පහත පළවේ.
ආණ්ඩුවට හමුදාවම සැක පාටයි - තෝරදෙණියත් අත්අඩංගුවට ගැනීමට සැරසේ.truth

0 comments:

Post a Comment