Thursday, February 18, 2010

ජ.වි.පෙ සීනුව හළා කුසලානයට ගොඩවෙයි


ජනතා විමුක්ති පෙරමුණ මෙවර මහ මැතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතුව"කුසලානය"ලකුණෙන් තරඟ කරන බව ජ.වි.පෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.
මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ලියා පදිංචි වී ඇති පක්ෂ ලැයිස්තුවේ කුසලානය ලකුණ වෙනුවෙන් සටහන්ව ඇත්තේ""ප්‍රජාත්න්‍රවාදී ජාතික සන්ධානය"යයි. තම පක්ෂය දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂය සමග මහ මැතිවරණය ට සන්ධාන ගතව තරඟ කරන්නට සාකච්ඡා කළද එකී සාකච්ඡා අසාර්ථක වූ හෙයින් මෙසේ වෙනම පක්ෂයකින් තරග කරන්නට තීරණය කළ බව අද දෙරණට ප්‍රකාශයක් කරමින් හෙතෙම කියා සිටියේය.
එහෙත් පොදු සන්ධානයක් වෙනුවෙන් තම පක්ෂයේ බලාපොරොත්තු තාමත් බිඳවැටී නැති බවද ඉදිරියේ වුව තාමත් එකී අවස්ථාව අත්හැරී නොමැති බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.adaderaa

0 comments:

Post a Comment