Thursday, February 18, 2010

මහ මැතිවරණයට නම් දීම හෙටින් ඇරඹෙයි

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම හෙට ආරම්භ වේ.
නාමයෝජනා බාරගැනීම ලබන 26 වැනිදායින් අවසන් වන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි. නාමයෝජනා බාරගැනීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල 22 කදී සිදුකිරීමට නියමිතව තිබේ.
මේ අතර නාමයෝජනා බාරගනු ලබන දිනවල විශේෂ ආරක්ෂක වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක කරන බව මැතිවරණ කාර්යාංශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පවසයි.
නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමේ අරමුණින් මෙම පියවර ගත් බව නවරත්න මහතා කියා සිටියි.
මේ යටතේ සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම පොලිස් මුරපොළවල් ක්‍රියාත්මක කරන බව ගාමිණී නවරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

0 comments:

Post a Comment