Thursday, February 18, 2010

එජාප නාම යෝජනා බාරදීම 24 සිට


එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා බාරදීම ලබන 24 සහ 27 දින වල සිදු කෙරෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. මේ වන විට තම පෙරමුණේ නාම යෝජනා සකස් වෙමින් පවතින බව ඔහු සඳහන් කරයි. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු මුල් පෙලේ නායකයන් තරග වදින දිස්ත්‍රික්ක මේ වන විටත් තීරණය කර අවසන් බව ද තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරයි.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දිස්‍ත්‍රික්කයෙන් ද, කරු ජයසූරිය මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද තරග වැදීමට නියමිතය. තිස්ස අත්තනායක මහතා මහනුවර දිස්ත්‍රික්කයෙන් ද, ගාමිණි ජයවික්‍රම පෙරේරා මහත‍ා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද තරග වදිනු ඇත. එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් මංගල සමරවීර මහතා මාතර දිස්ත්‍රික්කයෙන් ද, මනෝගනේෂන් මහතා කොළඹ දිස්ත්‍රික්‍කයෙන් ද තරග වදින බව ද තිස්ස අත්තනායක මහතා කියා සිටියේය.
එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ‍ සියලු දේශපාලන පක්ෂ අලියා ලකුණ යටතේ තරග කිරීමට එකඟ වීමෙන් පසු අපේක්ෂකයන් තෝරා ගැනීම සිදු කර ඇති බව සඳහන්ය. එහෙත් පසුගිය ජනාධිපතිවරණයේ දී හංසයා ලකුණින් තරග කළ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු තවත් කණ්ඩායමක් කුසලානය ලකුණ යටතේ තරග කිරීමට ඊයේ පස්වරුවේ තීරණය කළේය.

0 comments:

Post a Comment