Thursday, February 18, 2010

කණ්ඩායම් නායකයින් නම් කිරිම සිකුරාදා


එළඹෙන මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන දිස්ත්‍රික් කණ්ඩායම් නායකයින් ලබන සිකුරාදා නම් කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
25, 26 යන දිනවලදී සියලුම දිස්ත්‍රික්කවල නාමයෝජනා භාරදීම සිදුකරන බව එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. මේ වන විටත් රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, මංගල සමරවීර මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවය සහ මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ අලියා ලකුණින් තරග කිරීමට තීරණය කර ඇති බව තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ada

0 comments:

Post a Comment