Thursday, February 18, 2010

හෙළ උරුමය දිස්ත්‍රික්ක පහකින් තරග වදියි


ඉදිරි මැතිවරණය සඳහා ජාතික හෙළ උරුමය නිදහස් සන්ධානය යටතේ දිස්ත්‍රික්ක පහකින් තරඟ වදින බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පවසයි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් පාඨලී චම්පික රණවක මහතාද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් අතුරලියේ රතන හිමියන්ද, කළුතර දිස්ත්‍රික්කයෙන් ශාන්ත ජයතිලක මහතාද, මහනුවර දිස්ත්‍රික්කයෙන් තුෂාර ස්වර්ණතිලක මහතාද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එම්.සී. ජයරත්න මහතාද, තරග වදින බව රතන හිමියන් සඳහන් කරයි. ජාතික ලැයිස්තුව යටතේ එල්ලාවල මේධානන්ද හිමියන් හා ඕමල්පේ සෝභිත හිමියන් ඉදිරිපත් වන බව ද එම හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණ තම දේශපාලන ගමනේ අවසානයට පැමිණ ඇති බවත්, ඔවුන් උද්ඝෝෂණ පවත්වමින් රට තුළ දේශපාලන ව්‍යාකූලතාවයක් ඇතිකිරීමට බලාපොරොත්තු වන බවත් රතන හිමි අවධාරණය කළේය. අතුරලියේ රතන හිමියන් ‍මෙම කරුණු සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. adaderana

0 comments:

Post a Comment