Thursday, February 18, 2010

රැකියා අහිමි වුවහොත් වගකීම ගන්නවා


ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාදීම තාවකාලිකව නැවැත්වීම තුළින් කිසිවෙකුගේ රැකියා අහිමි නොවන බව අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
එවැනි රැකියා අහිමි වීමක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම රජය බාරගන්නා බව ඔහු පවසයි.
අද පෙරවරුවේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කෙසේවෙතත් මෙම බදු සහනය ලබාගැනීම සඳහා යුරෝපා සංගමය සමග සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

0 comments:

Post a Comment