Wednesday, September 1, 2010

පාතාල ඕල්‍කට් වෙඩි කා නසී


විශේෂ කාර්ය බලකා සමාජිකයෙකුගේ වෙඩි තැබීමකින් පුද්ග‍ලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පතාල සාමාජිකයෙකු ලෙස ප්‍රකට පාතාල ඕල්කට් නැමැත්තා මෙලෙස මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

කුරුණෑගල ප්‍රදේශයේ දී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු රැගෙන එන අවස්ථාවේ දී මෙම සිදුවීම සිදුව ඇති බව සඳහන් වේ. විශේෂ කාර්ය බලකා සාමාජිකයින් විසින් මොහු අත්අඩංගුවට ගෙන ජීප් රථයකින් ගෙන එමින් සිටිය දී සැකකරු විශේෂ කාර්ය බලකා සාමාජිකයෙකුගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ දරා ඇති බව පොලිසිය පවසයි.

එම අවස්ථාවේ දීපාතාල ඕල්කට් නැමති සැකකරු වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ. වෙඩි ප්‍රහාරයට ලක් වූ සැකකරු මිය ගොස් ඇති අතර මෘත ශරීරය ගම්පහ රෝහලේ තබා ඇති බව සඳහන් වේ. adaderana.lk

0 comments:

Post a Comment