Wednesday, September 1, 2010

ද්‍රවිඩ සන්ධානය හෙට නිරූපමා හමුවෙයි


හෙට දිනයේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් ඉන්දීය විදෙස් කටයුතු ලේකම් නිරූපමා රාඕ මහත්මිය හමුවී සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇතැයි ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රෙමචන්ද්‍රන් මහතා පවසයි.

හෙට දිනයේ ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දී මෙම හමුව පැවැත්වීමට කටයුතු යොදා ඇතැයිද,ඒ සඳහා තමා සමග එම්.ඒ සුමන්තිරන්,මාවෙයි සේනාධිරාජා යන මන්ත්‍රීවරුන්ද එක්වන්නට නියමිත බව ද ඔහු සඳහන් කරයි.

මෙම හමුව මගින් උතුරේ යළි පදිංචි කිරීමට අදාළ ගැටලු,දෙමළ ජනයා‍ගේ මූලික අවශ්‍යතා,අධි ආරක්ෂිත කලාප ඉවත්නොකිරීම හේතුවෙන් උතුරේ සාමාන්‍ය ජන ජීවිතයට එල්ලවී ඇති තර්ජන පිළිබඳව ඉන්දීය විදෙස් කටයුතු ලේකම්වරියගේ අවධානය යොමුකරවීමට තමන් බලාපොරොත්තු වන බවද සුරේෂ් ප්‍රෙමචන්ද්‍රන් මහතා අද දෙරණට වැඩිදුරටත් කියා සිටියේය.

එසේ වුවද සිව්දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින නිරූපමා රාඕ මහත්මිය හෙට දිනයේ (01)නැඟෙනහිර ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මඩකළපුව පිහිටි නැඟෙනහිර ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පෙ.ව. 10.00 ට හමුවීමට ද නියමිතව ඇතැයි ද සඳහන් වේ. adaderana.lk

0 comments:

Post a Comment