Wednesday, September 1, 2010

වන්ෂොට් මීට වඩා වගකීමකින් වැඩ කළ යුතුයි


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් ඊයේ සෞදි අරාබි තානාපති කාර්යාලය ඉදිරිපිටදී සිදුකළ උද්ඝෝෂණය නිසා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් බලපෑම් ඇතිවිය හැකි බව සමස්ත ලංකා මැද පෙරදිග සේවා සංවිධානයේ අනුශාසක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රෙහෙන්සිරි වරාගොඩ මහතා පවසයි.

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවට සෞදි අරාබියේදී දැඩි වධ හිංසා පැමිණවීමේ සිදුවීම පිළිබඳව ජනාධිපතිවරයා හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බව ද ඔහු පෙන්වාදෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිය වගකීම පිළිබඳව මීට වඩා කල්පනා කළ යුතු බව වරාගොඩ මහතා පෙන්වාදෙයි.

තවමත් ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර වැදගත් සබඳතා පවතින බව ද, වර්තමානයේ පවා මෙරටට වැඩිම විදේශ විනිමය ලබාදෙන්නේ විදෙස් ශ්‍රමිකයින් බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ වැදගත් කාන්තා පරපුරට නිග්‍රහ නොකරන ලෙසත්, රටට හානි නොකරන ලෙසත් අදාළ මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටින බවත් රෙහෙන්සිරි වරාගොඩ මහතා ප්‍රකාශ කළේය. අද කැළණිය ප්‍රදේශයේ පැවති සමස්ත ලංකා මැද පෙරදිග සේවා සංවිධානයේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මෙම කරුණු අවධාරණය කළේය. adaderana.lk

0 comments:

Post a Comment