Wednesday, September 1, 2010

අනවසර ඉදිකිරීම් සියල්ල ඉවතට


අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කිරීමට පියවර ගන්නා බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

වත්තල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේ දී බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

අනවසර ඉදිකිරීම් නගර අලංකරණයටත් ක්‍රමවත් නගර සැලසුමකටත් විශාල බාධාවක් බව එහි දී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙවැනි අනවසර ඉදිකිරීම් හේතුවෙන් ගංවතුර තර්ජන පවා ඉහළ ගොස් ඇති බව ද ඉදිරියේ දී අනවසර ඉදිකිරීම් සඳහා ජලය විදුලිය ඇතුළු පහසුකම් ලබා නොදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. adaderana.lk

0 comments:

Post a Comment