Wednesday, September 1, 2010

ෆොන්සේකාට එරෙහි දෙවෙනි යුද අධිකරණය අදත්


සරත් ෆොන්සේකා මහතාට එරෙහිව දෙවන යුද අධිකරණය අද යළි රැස් වේ. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් උභය මැදවල මහතා පවසන පරිදි අද පස්වරු ‍2.00 ට යුද අධිකරණය විනිසුරු මඩුල්ල රැස් වනු ඇත.

සරත් ෆොන්සේකා මහතාට එරෙහි චෝදනා විභාග කිරීම සඳහා වූ දෙවන යුද අධිකරණය ඊයේ පස්වරුවේ රැස් වුවද ෆොන්සේකා මහතාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඊයේ දිනයේ යුද අධිකරණය වෙත සහභාගී නොවූ බැවින් එම කටයුතු අද දිනයට කල් තැබිණි.

යුද හමුදාපතිවරයාව සිටිය දී සිදු කළ බව කියන මිල දී ගැනීම් වලදී අක්‍රමිකතා සිදුවීම ඇතුළු චෝදනා කිහිපයක් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව දෙවන යුද අධිකරණයේ දී විභාග කෙරේ. adaderana.lk

0 comments:

Post a Comment