Wednesday, September 1, 2010

ඇප දුන්නත් ඇප නෑ


මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ජනතාව මුලා කළ බව කියන පුද්ගයෙකුට දැඩි ලෙස අවවාද කළ හලාවත දිසා විනිසුරුවරයා රුපියල් ලක්ෂය බැගින් වන පුද්ගලික ඇප 2ක් මත මුදා හැරීමට නියෝග කර තිබේ.

මෙම ඇපකරුවන් හලාවත නගරයේ පදිංචිකරුවන් දෙදෙනෙකු විය යුතු බවට ද දිසා විනිසුරු ජගත් කහඳගම මහතා කොන්දේසියක් පනවා ඇත.

අදළ පුද්ගලයා වසර 10කට ආසන්න කාලයක් තමන් මානව හිමිකම් කොමිෂන් සභාවේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් ප්‍රදේශයේ ආගමික නායකයින් , දේශපාලඥයින් , රජයේ නිලධාරීන් ඇතුළු ජනතාව මුලා කර ඇති බවට හලාවත පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින්‍ චෝදනා ගොනු කර තිබුණි.

කෙසේ වෙතත් මෙම සැකකරුට ඇප ලබා දීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. - adaderana.lk

0 comments:

Post a Comment