Wednesday, September 1, 2010

සුසන්තගේ මරණය ගැන අන්තරය සාක්ෂි දෙයි


රුහුණු විශ්ව විද්‍යාලයේ සුසන්ත බණ්ඩාර සිසුවාගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ ජනාධිපති කොමිසම වෙත අද දිනයේ සාක්ෂි ලබා දීමට කටයුතු කරන බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. සිසුවාගේ මරණය සම්බන්ධයෙන් වගකිව යුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින් විශ්ව විද්‍යාල සිසුන් අත්සන් තැබූ පෙත්සම ද ජනාධිපති කොමිසමට භාර දීමට අද කටයුතු කරන බව එහි කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.

මෙම පෙත්සම බාරදීම සහ සාක්ෂි දීම මගින් සුසන්ත බණ්ඩාර සිසුවාගේ මරණයට වගකිව යුතු පුද්ගලයින්යට නිසි දඬුවම් කරන ලෙස ඉල්ලා සිටින බව ද ඔහු පෙන්වා දෙයි. එමෙන්ම එහි වගකීම තවත් සිසුවෙකු මත පවරන ආණ්ඩුවේ උත්සාහය නවතන ලෙසත්, සුසන්ත බණ්ඩාර සිසුවාට සාධාරණය ඉටුකරන ලෙසට අවධාරණය කරන බවත් උදුල් ප්‍රේමරත්න ප්‍රකාශ කළේය.adaderana.lk

0 comments:

Post a Comment