Wednesday, September 1, 2010

අල බද්ද සැප්තැම්බර් 9 තෙක් පමණයි


ආනයනික අර්තාපල් සඳහා ඉහළ නංවන ලද විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක වන්නේ ලබන සැප්තැම්බර් 9 වැනි දින දක්වා පමණක් බව රජය පවසයි. ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් දහයක්ව පැවති බද්ද රුපියල් තිහ දක්වා ඉහළ නංවනු ලැබුවේ දේශීය අර්තාපල් අස්වැන්න වෙළඳපලට ලැබෙන කෙටි කාල සීමාව සඳහා පමණක් බව නිවේදනයක් නිකුත් කරන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනූව මේ වන විට උතුරු ප්‍රදේශය ද ඇතුළුව අර්තාපල් වගා කෙරෙන සෙසු ප්‍රදේශවලින් අර්තාපල් තොග වෙළඳපලට ලැබෙමින් පවතින බව රජය පෙන්වා පෙන්වාදෙයි. මේ නිසා ලබන සැප්තැම්බර් 9 වැනිදායින් පසු ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක් මත අය කෙරෙන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ යළි රුපියල් දහය දක්වා අඩු කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි. adaderana.lk

0 comments:

Post a Comment