Wednesday, September 1, 2010

මුලින් විරුද්ධ වුනත් අන්තිමට කැමතිවේවි


දැනට ආණ්ඩුව සමග කටයුතු කරන වාමාංශික පක්ෂ ද යෝජිත ව්‍යවස්ථා සංශෝධන වලට විරෝධතා දැක්වුව ද අවසානයේදී ඒ සඳහා එකඟත්වයක් පළ කරනු ඇති බව වාමාංශික විමුක්ති පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි. යෝජිත ව්‍යවස්ථා සංශෝධන හරහා බලය වැඩි කර ගැනීමේ වැඩපිළිවෙලක් ආණ්ඩුව දියත් කර ඇතැයිද ඔහු සඳහන් කරයි.

1978 ව්‍යවස්ථාව මඟින් ද මෙවැනිම තත්ත්වයක් නිර්මාණය වු බව ඒ මහතා පෙන්වා දෙයි. එම අවස්ථාවේදී ද නව වාමාංශික පෙරමුණ අදාළ ව්‍යවස්ථාවට විරෝධය පළ කළ බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා සඳහන් කරයි. adaderana.lk

0 comments:

Post a Comment