Wednesday, September 1, 2010

ව්‍යවස්ථා සංශෝධනයට අපි විරුද්ධයි


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එක්සත් ජාතික පක්ෂය සිය විරෝධතාවය ප්‍රකාශ කරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව 18 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරන බවද හෙතෙම අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී 18 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව කටයුතු කළ යුතු බවට තීරණය කිරීමෙන් පසු පක්ෂයේ තීරණය නිල වශයෙන් අද දැනුම් දෙන ලදී. adaderana.lk

0 comments:

Post a Comment