Wednesday, September 1, 2010

එල්. ටී. ටී. ඊ සැකකරුවන් 3 ට ජර්මනියේදී චෝදනා පැවරෙයි


එල්. ටී. ටී. ඊ සංවිධානය වෙනුවෙන් මුදල් එකතු කිරීම හා අවි ආයුධ මිලට ගැනීම සම්බන්ධව පුද්ගලයින් තිදෙනෙකුට චෝදනා පවරා ඇති බව ජර්මනිය පවසයි. 35 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු වන වී. එස්. විජිකනේන්ද්‍ර, ජර්මානු ජාතික 33 හැවිරිදි එම්. සසිතරන් හා 39 හැවිරිදි කෝනේෂ්වරන් යන පුද්ගලයින් තිදෙනාට එරෙහිව මෙසේ නඩු පවරා ඇති බව ජර්මානු නීතිඥයෝ පවසති.

මෙම තිදෙනා පසුගිය මාර්තු මාසයේදී ජර්මනියේ ඔබහෝසන් නම් නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත. තහනම් කරන ලද ත්‍රස්තවාදී සංවිධානයක් සමග සබඳතා පැවැත්වීම හා අපනයන නීතිරීති උල්ලංඝණය කිරීම ඔවුන් අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත.

2007 ජූලි මාසය හා 2009 අප්‍රේල් දක්වා කාල සීමාව තුළ මොවුන් එල්. ටී. ටී. ඊ සංවිධානයට ලබාදීමට හෝ එම සංවිධානය වෙනුවෙන් අවි ආයුධ මිලට ගැනීම සඳහා ජර්මනියේ වෙසෙන ද්‍රවිඩ ජාතිකයින්ගෙන් යුරෝ මිලියන 3 ක මුදලක් එකතු කර ඇති බව ද සඳහන්ය. නමුත් මෙම පුද්ගලයින්ට එරෙහි නඩුව විභාග වන දිනය පිළිබඳව තවමත් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. adaderana.lk

0 comments:

Post a Comment