Wednesday, September 1, 2010

හරක් මස් මඩුව වටලා 5 ක් අත්අඩංගුවේ


මාරවිල , මූදුකටුව ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වා ගෙන ගිය නීති විරෝධී ඝව ඝාතකාගාරයක් වටලා සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ සිදු කළ මෙම වැටලීමෙන් ඝාතනය සඳහා ගෙනවිත් තිබූ මී ගවයින් 47 ‍දෙනෙකු සහ එළ ගවයින් 33 දෙනෙකු සිය භාරයට ගත් බව පොලිසිය පවසයි.

එම ස්ථානයේ තිබී ගවමස් තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ..

ඝාතකාගාරයේ පවත්වා ගෙන ගිය ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන නොමැති අතර සෙසු සැකකරුවන් අද මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ. adadaerana.lk

0 comments:

Post a Comment